Skip to main content

ඔබ දැනගත යුතු Javascript වල අලුත් වැඩ 5ක්

Javascript දැන් ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය scripting language එකක් මොකද Js පාවිච්චි කරලා web, mobile, desktop වැඩ  ගොඩක් දේවල් කරන්න පුළුවන් . ඉතින්  js වල අලුත් version වල  තියෙන ඔයාල දැනගත් යුතු  features ටිකක් මේ ..


1. Classes සහ Methods
මේ feature එක එන්න කලින්  සාමාන්‍ය javascript function එකක් පාවිච්චි කරලා තමා object එකක් හදාගත්තේ. දැන් java  වගේ classes සහ methods පාවිච්චි  කරන්නත්  පුළුවන් .

class Person {

constructor(name){
this.name = name;
  }

  getName() {
return this.name;
  }


}

let a = new Person('Michael');
console.log(a.getName());


2. Arrow Functions
function getSum(a, b) {
  return a+b;
}

කියල ඉස්සර ලියපු එක දැන්

let getSum = (a,b) => a+b;

හරියට python වල lamda function  එකක් වගේ  ලියන්න පුළුවන්



3. let කියන keyword එක 
අපි කලින් පාවිච්චි  කරේ var කියන keyword එකනේ. දැන්  මේ let කියන එකෙන්  අපිට දැන් ඉන්න block එකට විතරක් variables හදන්න පුළුවන් (block level scope)

let a = 10;

if(true) {
let a = 14;

}

console.log(a);

මේකම var දාල ලිව්වොත් අපිට පෙනෙන්නේ  14



4.  cons…

ඔබ දැනගත යුතු Javascript වල අලුත් වැඩ 5ක්




Javascript දැන් ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය scripting language එකක් මොකද Js පාවිච්චි කරලා web, mobile, desktop වැඩ  ගොඩක් දේවල් කරන්න පුළුවන් . ඉතින්  js වල අලුත් version වල  තියෙන ඔයාල දැනගත් යුතු  features ටිකක් මේ ..


1. Classes සහ Methods


මේ feature එක එන්න කලින්  සාමාන්‍ය javascript function එකක් පාවිච්චි කරලා තමා object එකක් හදාගත්තේ. දැන් java  වගේ classes සහ methods පාවිච්චි  කරන්නත්  පුළුවන් .

class Person {

constructor(name){
  this.name = name;
  }

  getName() {
  return this.name;
  }


}

let a = new Person('Michael');
console.log(a.getName());


2. Arrow Functions


function getSum(a, b) {
  return a+b;
}

කියල ඉස්සර ලියපු එක දැන්

let getSum = (a,b) => a+b;

හරියට python වල lamda function  එකක් වගේ  ලියන්න පුළුවන්



3. let කියන keyword එක 


අපි කලින් පාවිච්චි  කරේ var කියන keyword එකනේ. දැන්  මේ let කියන එකෙන්  අපිට දැන් ඉන්න block එකට විතරක් variables හදන්න පුළුවන් (block level scope)

let a = 10;

if(true) {
let a = 14;

}

console.log(a);

මේකම var දාල ලිව්වොත් අපිට පෙනෙන්නේ  14



4.  const කියන keyword එක 


අපිට විචල්‍ය නොවන අගයන් හදන්න මේක  භාවිතා කරන්න පුළුවන් . මේකත් අර කලින්  let වගේ block level scope තියෙන එකක් .

const a = 10;

if(true) {
const a = 14;

}

console.log(a);


5. Template literals 



 javascript වල concatenation කරනකොට + පාවිච්චි  කරානේ  .  එත් දැන්  ඒ වෙනුවට ලේසි  වැඩක්  තියෙනවා . ඒ template literals

මෙහම ඉස්සර කරපු එක

let a = 10;

console.log('value is ' + a);

දැන් කරන්නේ මෙහෙම

let a = 10;

console.log(`value is ${a}`);



ආයේ අලුත් ලිපියක් සමඟ සෙට්  වෙමු ..

Happy Hacking








Comments

Popular posts from this blog

Hacktoberfest කරලා T-shirt එකක් ගමු

Hacktoberfest කියන්නේ Digitalocean සහ Github කම්පැනි දෙක එකතු වෙලා කරන event එකක්. එකෙන් ඒ අය  බලාපොරොත්තු වෙන්නේ FOSS වලට ලෝකයේම තියෙන දායකත්වය වැඩි කරන එක

ඉතින් මේ Hacktoberfest Challenge එක සම්පූර්ණ කරන ලෝකයේ ඕනෑ තැනක ඉන්න කෙනෙක්ට තෑගි 2ක් දෙනවා

1) ලැප්ටොප් ස්ටිකර් සෙට් එකක්
2) වටිනා ටී ෂර්ට් එකක්



ඔයාලට කරන්න තියෙන්නේ Github එකේ තියෙන ඕනෙම repos වලට Pull Request 4ක් දාන එක. හැබැයි ඉතින් ඒවා Bug fix, New Feature or Documentation update එකක් වෙන්න ඕනේ.

GitHub වලට අලුත් උනාට අවුලක් නෑ Youtube Tutorial එකක් බලන්න


මෙතනින් Register වෙන්න

https://hacktoberfest.digitalocean.com/

"Check your progress" ගිහින් complete කරාද බලන්න. එතකොට මේ වගේ ආවොත් හරි


මටත් අද mail එකක් ආවා T-shirt එක ගැන කියල..

Happy Coding!! එහෙනං FOSS වලට support එකක් දෙන්න

මොකක්ද මේ Social Box කියන්නේ

ඔයාට සමහරවිට ෆේස්බුක් පිටු කිහිපයක්, ට්විටර් ගිණුම් කිහිපයක් වගේ තියෙනවා ඇති.  ඒවා කළමනාකරණය කරන්නේ කොහොමද? ටිකක් වැඩේ අමාරුයි මොකද නිතර පාස්වර්ඩ් ගහල ලොග් වෙන්න ආයේ ලොග් අවුට් වෙන්න වෙනවනේ..

ඉතින් SocialBox කියන්නේ ඔයාගේ තියෙන Facebook, Twitter, Google+, Youtube සහ Instagram ගිණුම් සියල්ල එකවර කළමනාකරණය කරන්න පුළුවන් දෙයක්



මුලින් මේකට ඔයාගේ සමාජ ජාල ගිණුම් ටික සම්බන්ධ කරන්න ඕනේ ඊට පස්සේ ඔයාට මොකක් හරි post එකක් දාන්න ඕනෙනං ඕනේ පේජ් එක තෝරලා දාන්න තියෙන්නේ තව ෆොටෝ එහෙම google එකේ හොයල save කරලා ගන්න ඕනේ නෑ. SocialBox ඒ වගේ ගොඩාක් අත්‍යවශ්‍ය දේ ළඟටම දෙනවා. ලයික් ප්‍රමාණය ප්‍රස්තාර වලින්, මුද්‍රණය කල හැකි වාර්තා තව ගොඩාක් පහසුකම් තියෙනවා.

https සම්බන්ධතාවය නිසා ඔයාගේ password ගැන බයවෙන්න දෙයක් නැහැ.


වැඩි විස්තර - https://www.socialbox.co.com/
නොමිලේ පාවිච්චි කරන්න - https://www.socialbox.co.com/register/free
Video Tutorial එක - https://goo.gl/oePD6W










මොකද්ද මේ Recursion ?

Recursion කියල කිව්ව ගමන් ගොඩක් අයට හිතෙන්නේ මෙන්න මේ point දෙක

Function called itself called recursion
Factorials, Fibonacci number, merge sort වගේ උදාහරණ (කැම්පස් එකේ කරපු නිසා)

මේ Recursion කියන දේ හරි ලස්සනයි ඒ වගේම සංකීර්ණව පෙනෙන ගැටළු ඉතා කුඩා ප්‍රමාණයේ Code එකකින් විසදන්න පාවිච්චි කරන්න පුළුවන්.

Recursion  යනු

යම්කිසි දෙයක් නැවත නැවත කර ගැටළු විසදීම හෝ ගැටළුව කොටස් වශයෙන් විසඳීමට පුළුවන් ක්‍රමයක්.


ලේසිම ලේසි උදාහරණයක් බලමු

Fibonacci series එක පටන් ගන්නේ 0, 1 ඉලක්කම් දෙකෙන්. ඊට පස්සේ හැම අගයක්ම එන්නේ ඊට පස්සේ තියෙන ඉලක්කන් දෙක එකතු කරලා.

දැන් අපි F(n) කියල දැන් අගය ගත්තොත් F(n-1) සහ F(n-2) කියන්නේ ඊට ඉස්සෙල්ල තියෙන ඉලක්කන් දෙකනේ. දැන් අපි ඒකට පොඩි සමීකරණයක් ලියමු

F(n)=F(n-1) + F(n-2)

ඔන්න ඕකට තමා Recurrence Relation කියන්නේ.  දැන් ඕකට n=5  දුන්නොත් ..

F(4) සහ F(3) හොයනවා වෙන වෙනම

n=4 වෙද්දී F(4) සහ F(3) හොයනවා වෙන වෙනම

n=3 F(2) සහ F(1) හොයනවා වෙන වෙනම

ඔය වැඩේ හරි ලස්සනයි ගහක අතු බෙදෙනවා වගේ. දැන් තමා හොදම වැඩේ ඕක බෙදිලා බෙදිලා n රින වෙනත් බෙදිලා ඉවරයක් වෙන්නේ නැනේ. ඉතින් අපි ඒක…